Published
නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ රුපියල් එක් කෝටි අසූ ලක්ෂයක් වටිනා විදේශීය දුම්වැටි තොගයක්, කටුනායක ගුවන් තොටුපොළ ‘හරිත මාවත’ ඔස්සේ පිටකරගෙන යමින් සිටි ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින්. සැකකරු කොළඹ, කොටහේන ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි ව්‍යාපාරිකයෙකු බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.
ඔහු ඩුබායි සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙනවා.
සැකකරු විසින් රැගෙන ආ ගමන් මලු 06ක් තුළ විදේශීය දුම්වැටි එක් ලක්ෂ විසිදහසක් අඩංගු දුම්වැටි කාටූන් 600ක් සඟවා තිබූ බවයි රේගු නිලධාරීන් පැවසුවේ.
අත්අඩංගුවට ගත් සැකකරු සම්බන්ධයෙන් රේගු නිලධාරීන් විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.




