රත්නපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් සංඛේත වැඩ වර්ජනයක් ආරම්භ කර තිබෙනවා.

මේ හේතුවෙන් එම රෝහලේ අද උදෑසන 08.00ට ආරම්භ වූ එම වැඩ වර්ජනය හෙට උදෑසන 08.00 දක්වා ක්‍රියාත්මක වනවා.

රත්නපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් අද පෙරවරුවේ සිට පැය 24ක වැඩ වර්ජනයක් ආරම්භ කර ඇත්තේ එම රෝහලේ අධ්‍යක්ෂවරයාගේ අත්තනෝමතික ක්‍රියා කලාපයට විරෝධය පළ කරමින්.

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය හංසමාල් වීරසූරිය මහතා පැවසුවේ මෙම ගැටලුව සම්බන්ධයෙන් බලධාරින් දැනුවත් කර තිබුණද මෙතෙක් එම ගැටලුව විසඳී නොමැති වීම හේතුවෙන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කළ බවයි.

වර්ජනය ක්‍රියාත්මක වුවද හදිසි සැත්කම් සහ ජීවිතාරක්ෂක ප්‍රතිකාර සේවා සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක බවද රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය හංසමාල් වීරසූරිය මහතා වැඩිදුරටත් සඳහන් කළා.