රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පූටීන් අද දිනයේ ඉන්දියාවට පැමිණිමට නියමිතව තිබෙනවා.

රුසියානු ජනාධිපතිවරයා එලෙස ඉන්දීය සංචාරයකට එක්වන්නේ වසර 4කට පසුවයි.

එම සංචාරයේදී රුසියානු හා ඉන්දීය නායකයින් දෙපළ වෙළද ගණුදෙණු ඇතුළු උපාය මාර්ගික හවුල්කාරිත්වය සම්බන්ධයෙන් පුළුල් සාකච්ඡාවක නිරත වනු ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

රුසියානු ජනාධිපතිවරයා එම සංචාරය සදහා සිය විශේෂ ආරක්‍ෂක රථ පෙළද ඉන්දියාවට රැගෙන ඒමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙනවා.

එම ආරක්‍ෂක රථ පෙළට රුසියාවේ නිෂ්පාදිත සුඛෝපභෝගි ලිමෝසින් රථයක් වන ඕරස් සෙනට් නමැති දැඩි ආරක්‍ෂිත රථයද ඇතුළත් බවටයි එම වාර්තා අනාවරණ කර ඇත්තේ.