කල්මුණේ කාර්ති උසාවියේ, කාර්ති විනිසුරුවරයෙකු සහ ඔහුගේ බිරිඳ අල්ලස් චෝදනා මත අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ රු.2,300/- ක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා, ලබා ගැනීම හේතුවෙන්. කල්මුණේ ප්‍රදේශයේ පදිංචිකාරියක විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුව, මරදමුනේ 03 ලිපිනයේ පිහිටි කාදියාර් කාර්යාලය තුළ දී විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙන්නේ පැමිණිලිකාරිය දික්කසාද වී ඇති සැමියා විසින් ළමයින් තිදෙනා වෙනුවෙන් මාසිකව 18,000/- ක ලබාදෙනු ලබන නඩත්තු මුදල කාර්ති උසාවිය හරහා ලබා ගැනීමට කටයුතු කිරීමේ දී එම මුදල් පැමිණිලිකාරියට ලබාදීම සඳහා කටයුතු කර දීම වෙනුවෙන් මාසිකව රු.300/- බැගින් ඉල්ලා තිබෙනවා ඊයේ දින ඉහත පරිදි දැනට ගෙවනු ලබන රු. 18,000/- ක නඩත්තු මුදල වැඩිකර, ලබාදීමට අවශ්‍ය කටයුතු කර දීම සඳහා රු.2000/- මුදලක් වශයෙන් සම්පූර්ණ රු.2,300/- මුදලක් අල්ලස් ලෙස ඉල්ලා තිබෙනවා. එම අල්ලස ලබා ගැනීමේ දී මෙලෙස අත්අඩංගුවට ගත් බවයි අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් කල්මුණේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.