Published
අධ්‍යාපනය ද දේශපාලනීකරණය වී ඇති බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. පොලොන්නරුව ප්‍රදේශයේ පැවති උත්සව අවස්ථාවකට එකවෙමින් හිටපු ජනාධිපතිවරයා පැවසුවේ දේශපාලනීකරණයකින් තොරව අධ්‍යාපන කටයුතු ඉදිරියට පවත්වාගෙන යා යුතු බවයි.
මත්ද්‍රව්‍යවලින් පාසල් ළමුන් මුදාගැනීම දෙමව්පියන්ගේ වගකීමක් වන බව මහජන ආරක්ෂ අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසනවා. මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ මේ වන විට රට තුළ ව්‍යාප්තව ඇති මත්ද්‍රව්‍ය තුරන් කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බවයි.