Published
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ පරිශ්‍රයේදී විදේශ සංචාරකයින්ට රියදුරු බලපත්‍ර ලබාදීම සම්බන්ධයෙන් විපක්ෂය විරෝධයක් එල්ල කරනවා.
ඒ, මෙරට සංචාරක ක්ෂේත්රය ඉන් බලපෑමක් එල්ලවන බව පවසමින්.
ඊට අද ආණ්ඩුවේ පාර්ශ්වයෙන් ප්‍රතිචාර පල වුණා. මේ, ප්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා.
කෙසේවෙතත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා චෝදනා කළේ මෙලෙස රියදුරු බලපත්‍ර ලබාදීම හරහා මෙරට සංචාරක කර්මාන්තයෙන් යැපෙන්නන්ට බලපෑම් එල්ලවන බවයි.
එහෙත් ප්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා ඊට දැක්වූයේ මෙවන් ප්‍රතිචාරයක්.
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ පරිශ්‍රයේ ස්ථාපිත කරන ලද මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කාර්යාලය මඟින් විදේශ සංචාරකයින් 1,338 දෙනෙකු සඳහා මේ වන තෙක් රියදුරු බලපත්‍ර නිකුත් කර තිබෙනවා.



