වර්තමානය තුළ මෙරට පුද්ගලයින් තුන්ලක්ෂ හැටපන්දහස් නවසිය පනස් එකක පිරිසක් විරැකියාවෙන් පෙළෙන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය පවසනවා.

ඒ, විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා විසින් අද පාර්ලිමේන්තුවේ දී යොමු කළ පැනයකට පිළිතුරු ලබා දෙමින්.

අධ්‍යාපනය සඳහා සියයට 6ක් වෙන් කිරීම පිළිබඳ අධ්‍යාපන අමාත්‍යංශයට අදාළ වැය ශීර්ෂ විවාදයේදී ඊයේ පළවූ අදහස් සම්බන්ධයෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද අග්‍රාමාත්‍යවරියගෙන් ප්‍රශ්න කළා.

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය එහිදී ප්‍රතිචාර දක්වමින් පැවසුවේ අධ්‍යාපනය සඳහා සියයට 6ක් වෙන් කිරීමේ අරගලය වෙනුවෙන් තමන් තවදුරටත් පෙනී සිටින බවයි.

මේ අතර, මහබැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් සිදු වන නඩු කටයුතු පිළිබඳවද පාර්ලිමේන්තුවේදී අද අදහස් පළ කළා.

මහබැංකු බැඳුම්කර වංචාවෙන් රටට සිදුවූ පාඩුව සම්බන්ධයෙන්ද මෙහිදී අදහස් පළ වුණා.

කෙසේවෙතත් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා චෝදනා කළේ වත්මන් ආණ්ඩුව විසින් මහබැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් කිසිදු අලුත් ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවයි.

පසුව පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා සහ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය අතර මෙවන් සංවාදයක් ඇති වුණා.

අයවැය කාරක සභා අවස්ථා විවාදය අද 10 වන දිනටත් පාර්ලිමේන්තුවේදී මේ වන විට පැවැත්වෙනවා.

ඒ අනුව, අද දිනයේ විවාදයට ගැනෙන්නේ ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යංශය, විද්‍යා සහ තාක්‍ෂණ අමාත්‍යංශය සහ ඩිජිටල් ආර්ථික අමාත්‍යංශවලට අයත් වැය ශීර්ෂයි.