Published
ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට ඊයේ ඉදිරිපත් කළ යෝජනා තුළ වැදගත් කරුණු ගණනාවක් ඇතුළත්. ඒ අතර ප්‍රධාන වන්නේ රටේ ආර්ථික වර්ධනයයි. එමෙන්ම රජයේ ණය බර අඩුකර ගැනීමට ජනාධිපතිවරයා කළ සැලසුම් ද ඒ අතරින් වැදගත් වනවා.
ආයෝජන දිරි ගැන්වීම සඳහා ගෙන ඒමට අපේක්ෂා කරන නව යෝජනා ද ජනාධිපතිවරයා ඉදිරිපත් කළ අයවැය කථාවේ වැදගත් කරුණක්.
රටට එන නව ව්‍යාපෘති ද රටේ දියුණුවට අතිශය වැදගත්. දැනට නතර වී ඇති එහෙත් ඉදිරියේදී යළි ආරම්භ වන ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා එහිදී හෙළි කළා.
මේ අතර පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අදහස් පළ කළා.




