ලංකා ධීවර සමාගමේ හිටපු සභාපතිවරයෙකු ඇතුළු සිව් දෙනෙකු අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ 2020 වර්ෂයේ දී ලංකා ධීවර සංස්ථාව වෙත, පැයකට මාළු කිලෝ 2000 ක් වැකුම් කර ඇසුරුම් කළ හැකි තරම් ඉහළ ධාරිතාවයකින් යුතු මාළු වැකුම් ඇසුරුම් යන්ත්‍රයක් මිලදී ගැනීම සඳහා අවශ්‍යතාවයක් නොමැති අවස්ථාවක ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් බැහැරව එවැනි ධාරිතාවයකින් යුතු වැකුම් ඇසුරුම් යන්ත්‍රයක් එම ආයතනයට මිළදී ගැනීමෙන් රජයට රු. 5,856,116.00ක පාඩුවක් සිදු කිරීම හේතුවෙන්.
ඒ අනුව හිටපු සභාපතිවරයෙකු වූ කළුවඩන වලව්වේ ලලිත් දවුලගල, කළමණාකාර අධ්‍යක්ෂවරයෙකු වූ රත්නවීර පටබැඳිගේ වන්දන ක්‍රිෂාන්ත, සැපයුම් කළමණාකරුවෙකු වූ කුරුන්දුව හේවගේ විජිත් පුෂ්ප කුමාර , මෙහෙයුම් කළමණාකරුවෙකු (වැඩ බලන මුදල් කළමණාකරු) වූ ජයසුන්දර මුදියන්සේලාගේ අනුර චන්ද්‍රසේන බංඩාර යන අය අල්ලස් කොමිසම විසින් අද (04) පස්වරුවේ අත්අඩංගුවට ගත් බවයි අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ මාධ්‍ය ඒකකය සඳහන් කර සිටියේ.
එමෙන්ම ඉහත ක්‍රියාවලියටම අදාළව සැපයුම් කළමනාකරු වශයෙන් කටයුතු කරමින් එකී මිලදී ගැනීම් වෙනුවේ සැපයුම්කාර සමාගම වෙත ගෙවිය යුතුව තිබූ රුපියල් 928,058.20 ක මුදලින් කොටසක් එම ආයතනයට මුදා හැරීම සිදු කිරීම වෙනුවෙන් අල්ලස් ඉල්ලීම හා අල්ලස් වශයෙන් රුපියල් 100,000.00ක මුදලක් තම පුද්ගලික ගිණුම වෙත බැරකරවා ගැනී තුළින් තුටු පඬුරක් ඉල්ලීම හා තුඩු පඬුරු භාර ගැනීම යන චෝදනාවට අදාළව ද ඉහත විජිත් පුෂ්පකුමාර යන අයව අත්අඩංගුවට ගත් බව අල්ලස් කොමිසම සඳහන් කර සිටියා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි




