විදුලිබල පනත සංශෝධනය නොකළේ නම් විදුලිබල මණ්ඩලයේ සේවකයින් 12,000කගේ රැකියා අහිමි වීමට ඉඩ තිබූ බව බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා පවසනවා.

විදුලිබල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගත ක්‍රියාවලිය සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා.

මේ අතර, ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය විධිමත් ලෙස ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලමින් මේ වන විට අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වනවා.

බලධාරීන් සිය ඉල්ලීම්වලට ඇහුම්කන් නොදෙන්නේ නම් එම වෘත්තීය ක්‍රියාමාර්ගය දීපව්‍යාප්ත වැඩ වර්ජනයක් දක්වා දැඩි කිරිමට පියවර ගන්නා බවයි විදුලිබල වෘත්තීය සමිති ප්‍රකාශ කළේ.