විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසුවේ දිවයින පුරා ඖෂධ අලෙවිසැල් 82ක බලපත්‍ර තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන ඇති බවයි.

එමෙන්ම ඔහු සැල් 219ක බලපත්‍ර යාවත්කාලීන කිරීමද තාවකාලිකව අත්හිටුවා ඇති බව මෙහිදී සඳහන් කළා.