ඊයේ (21) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ගණන් යළිත් ඉහළ දැමීමට තීරණය කර ඇති බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිවේදනය කර තිබෙනවා.

ඒ අනුව ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 79කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 382ක්ද සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 90කින් ද  ඉහළ දැමීමට පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව එහි නව මිල රුපියල් 443ක් වන බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව සඳහන් කළා.

ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 90කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල ලෙස රුපියල් 455ක් ද ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 81කින් ද ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 398ක් ලෙස දැක්වෙනවා.

ලංකා භූමිතෙල් මිල රුපියල් 60කින් ඉහළ දැමීමට පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව එහි නව මිල රුපියල් 255ක් වන බවට ලංකා ඛනිජ තෙල් සංස්ථාව වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.