ලෝක ටෙස්ට් ශූරතාවේ එළඹෙන අදියර – 2027 ඇතුළුව 2029 සහ 2031 වර්ෂන්හි පැවැත්වෙන අවසන් මහා තරඟ සඳහාද සත්කාරකත්වයට එංගලන්තය නම්කර තිබෙනවා.

2027 අදියරේ අවසන් මහා තරඟයේ සත්කාරකත්වයට ඉන්දියාවේද බලාපොරොත්තුවක් තිබූ පසුබිමක් තුළයි.

සිංගප්පූරුවේ පැවති ෂක්‍ක්‍ වාර්ෂික සමුළුවේදී මෙම තීරණය අනුමත කර තිබෙනවා.

ටෙස්ට් ලෝක ශූරතා අවසන් මහා තරඟය පැවැත්වීමේ දී එංගලන්ත ක්‍රිකට් ආයතනය ඊට දැක් වූ සාර්ථකත්වය සැලකිල්ලට ගෙන මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව 2021 වසරේ පැවැති අවසන් මහා තරගය ඇතුළුව මේ දක්වා පැවැති සෑම අදියරකම අවසන් මහා තරග සඳහා ද සත්කාරකත්වය ලබාදී ඇත්තේ එංගලන්තයයි.

2023-2025 අදියරට අදාළ ටෙස්ට් ලෝක ශූරතාවේ අවසන් මහා තරගය පසුගිය මාසයේ ඓතිහාසික ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ පැවැත්වුණා.

එහිදී ඕස්ට්‍රේලියාවට එරෙහිව කඩුලු 5ක ජයක් වාර්තා කිරීමට දකුණු අප්‍රිකාව සමත් වුණා.