Published
ලොව බලවත්ම රාජ්‍යය වන අමෙරිකාව සමග ඉතා මිත්‍රශීලීව ශ්‍රී ලංකාව කටයුතු කළ යුතු බව ආර්ථික විද්වතුන් පවසනවා. එහිදී දේශපාලනමය, සමාජමය සහ සංස්කෘතික වශයෙන් අමෙරිකාව සමග මිත්‍රශීලීව කටයුතු කළ යුතු බවයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා පැවසුවේ.
එමෙන්ම රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා අමෙරිකාව පමණක් නොව වෙනත් රටවල්ද සමග වෙළඳ ගිවිසුම්වලට එළඹීමට ඇති හැකියාව පිළිබඳ සලකා බැලිය යුතු බවයි එහිදී ප්‍රකාශ කෙරුණේ. ශ්‍රී ලංකාවට පනවා තිබූ තීරු බද්ද සියයට 20ක් දක්වා අඩු කිරීමට අමෙරිකාව විසින් පසුගියදා දැනුම් දී තිබුණා.