ශ්‍රී ලංකාවේ පැවැත්වෙන 78 වන අග්නිදිග ආසියානු කළාපීය ජාත්‍යන්තර සෞඛ්‍ය සමුළුවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වීම සදහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය Tedros Adhanom Ghebreyesus මහතා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙනවා.
ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සංවිධානය කරන මෙම සමුළුව 10/13 දින සිට 10/15 දින දක්වා කොළඹ සිනමන් ලයිෆ් හෝටයේ දී පැවැත්වීමට නියමිතයි.
මෙම සමුළුවට අග්නිදිග ආසියානු කළාපයේ රටවල් නියෝජනය කරමින් එම රටවල සෞඛ්‍ය අමාත්‍යාවරුන් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබෙනවා.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා දෝහා සිට කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 660 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබූ අතර ඔහු පිළිගැනීම සදහා සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ගුවන් තොටුපොළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ තිබෙනවා.