අනතුරු නිසා දිනපතාම රටට අහිමිවන ජීවිත සුළුපටු නොවේ.

දවසින් දවස එය වැඩිවනවා මිස අඩුවන්නේ ද නැත.

මේ, ඒ ගැන කතාවයි.

ගත වූ පැය 24 තුළ අනතුරු නිසා රටට අහිමි වූ ජීවිත ගණන 06ක්.

ඉන් 05ක් රිය අනතුරු වන අතර එක් මරණයක් දියේ ගිලීමෙන් සිදුව තිබුණා. දිනපති මෙලෙස අනතුරු සිදු වන්නේ නම් වසරකට කොතරම් අනතුරුවලින් ජීවිත අහිමි වනවා ඇතිද?

මේ, පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් මහතා.

මේ දිනවල වැඩිම කතාබහට ලක්වන සිද්ධිය බවට පත්ව ඇත්තේ තලාව ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරයි.