Published
වතු කම්කරුවාගේ වැටුප් වැඩි කිරීමට ආණ්ඩුව ගත් ක්‍රියාමාර්ගය ගැටලු සහගත බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා. පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු මෙම අදහස් පළ කළා.
කෙසේවෙතත් අමාත්‍ය ලාල්කාන්ත මහතා පැවසුවේ ජනතාවගේ සුබ සිද්ධිය වෙනුවෙන් ආණ්ඩුව ගත හැකි සෑම පියවරක්ම ගන්නා බවයි.
එහෙත් පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා චෝදනා කළේ රටේ ආර්ථිකය ඉහළ නැංවීම වෙනුවෙන් කිසිදු පැහැදිලි යෝජනාවක් අයවැය තුළ නොමැති බවයි.
මේ අතර අයවැය විවාදයට එක්වෙමින් සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා, අයවැයෙන් සෞඛ්‍යයට ලබාදෙන සහන පිළිබඳ මෙලෙස අදහස් පළ කළා.




