වතු කම්කරු ජනතාවට ඉදිරියේදී ඔවුන්ගේ වැඩකටයුතු සිදු කරගැනීම සඳහා සහන රැසක් ලබා දීමට බලාපොරොත්තු වන බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පවසනවා. ඔහු පැවසුවේ වතු නිවාසවල ජීවත්වන ජනතාවට රජය විසින් ස්ථිරව ලබාදීමට නියමිත පර්චස් දහයේ ඉඩම් කොටස් ලබාදීමට අවශ්‍ය මේ වන විටත් සූදානම් කරමින් සිටින බවයි.

වතු කම්කරු සේවයේ නිරත වී විශ්‍රාම ගිය ජනතාවටද රජය විසින් ලබා දෙන මෙම ඉඩම් ලබා දීම සඳහා කැබිනට් පත්‍රිකාවක්ද යොමු කළ බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.