ජනාධිපතිවරයා පොරොන්දු වූ පරිදි වතු කම්කරු වැටුප් වැඩි කිරීම සිදු කරන ආකාරය පිළිබඳව රජය විසින් පැහැදිලි කිරීමක් කළ යුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ එම වැටුප් වැඩි කිරීමේ පළමු අදියර රජයට අයත් සමාගම් තුන ඔස්සේ ආරම්භ කළ හැකි බවයි.

මලයගම් වතු ජනතාවට නිවාස ලබා දීමේ වැඩසටහන සම්බන්ධයෙන්ද පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා මෙලෙස අදහස් පළ කළා.

මේ අතර මලයගම් වතු ජනතාවට නිවාස ලබා දීමේ වැඩසටහන සම්බන්ධයෙන් වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් නියෝජ්‍ය අමාත්‍ය සුන්දරලිංගම් ප්‍රදීප් මහතා මාධ්‍ය හමුවකදී මෙලෙස අදහස් පළ කළා.

 

වතු කම්කරු වැටුප් වැඩි කිරීම සඳහා සිදු කෙරෙන සාකච්ඡා සම්බන්ධයෙන්ද නියෝජ්‍ය අමාත්‍ය සුන්දරලිංගම් ප්‍රදීප් මහතා කරුණු දැක්වුවා.