Published
බදුල්ල - මහියංගනය මාර්ගයේ දුන්හිඳ හන්දියේ දී අද උදෑසන වන්දනා නඩයක් ගමන් කරමින් තිබූ බස් රථයක් අනතුරට ලක්ව තිබෙනවා.
අනතුරින් පුද්ගලයින් 07 දෙනෙකුට තුවාල සිදුවී ඇති බවයි පොලීසිය පැවසුවේ.
තුවාල ලැබූවන් බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.
අදාළ බස් රථය එම ස්ථානයේ නවතා තිබූ ලොරි රථයක ගැටීමෙන් එලෙස අනතුරට ලක්ව තිබෙනවා.
අනතුර සිදුවන අවස්ථාවේදී බස් රථයේ 30ක පමණ පිරිසක් ගමන් කරමින් සිට ඇති බවයි වාර්තා වන්නේ.
බස් රථයේ තිරිංග අක්රීය වීම හේතුවෙන් රියදුරුට බස් රථය පාලනය කරගත නොහැකිව ලොරි රථයේ ගැටී ඇති බවයි පොලීසිය වැඩිදුරටත් පැවසුවේ.