Published
වන අලි ඝාතනය කිරීමට කටයුතු කරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේද සහය ඇතිව විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා පවසනවා.
අමාත්‍යවරයා සඳහන් කළේ භාතිය හස්තියා ඝාතනය කිරීම සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලටද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව සම්බන්ධ කරගත් බවයි.
වන අලින් දුම්රියේ ගැටීම වැළැක්වීම සඳහා ඩිජිටල් අමාත්‍යංශයේද සහය ලබා ගනිමින් විශේෂ වැඩපිළිවෙළක් සකස් කර ඇති බවයි පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි මහතා පැවසුවේ.
ඉකුත් සමයේ ක්‍රියාත්මක වූ වැරදි පාරිසරික ප්‍රතිපත්ති හේතුවෙන් අලිමිනිස් ගැටුම උග්‍ර වූ බවයි මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කෙරුණේ.




