Published
වර්ජනයේ නිරතව සිටි ඇතැම් සේවකයින් මේ වන විට සේවයට වාර්තා කරමින් සිටින බව ලංකා තැපැල් සේවා සංගමය පවසනවා. ඒ අනුව තැපැල් දෙපාර්තමේන්තුවේ රාජකාරි කටයුතු ලබන සඳුදා සිට සාමාන්‍ය පරිදි සිදුවනු ඇති බවයි වර්ජනයට එක් නොවූ එම සංගමය පැවසුවේ. මේ, එහි සභාපති ජගත් මහේන්ද්‍ර.
තැපැල් දෙපාර්තමේන්තුවේ පවතින බොහෝ ගැටලු විසඳීම සඳහා වත්මන් ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවද ඔහු වැඩිදුරටත් පැවසුවා.