Published
මෙම වසරේදී සංචාරක ක්ෂෙත්රයෙන් අපේක්ෂා කළ ඉලක්ක කරා සාර්ථකව ළඟා වෙමින් සිටින බව ශ්රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති බුද්ධික හේවාවසම් මහතා පවසනවා. මෙම වසරේ මේ දක්වා කාලය තුළ සංචාරක ක්ෂේත්රයෙන් රුපියල් බිලියන දෙකකට අධික ආදායමක් ජනිත වී ඇතැයි අනුමාන කළ හැකි බවයි නෙත් නිවුස් සමග සාකච්ඡාවකට එක්වෙමින් ඔහු කියා සිටියේ.
ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ ශ්රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති බුද්ධික හේවාවසම් මහතා. මෙරට සංචාරක ක්ෂෙත්රයේ ඉදිරි සැලසුම් පිළිබඳව ද ශ්රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා මෙහිදී කරුණු දැක්වූවා.