වසර 30කට පසු මෙරට ව්‍යාපාර ක්ෂේත්‍රයට හොඳම කාලය දැන් උදා වී ඇතැයි මෙරට ප්‍රකට ව්‍යවසායකයෙකු වන වාසනා බේකර්ස් අධිපති, දයානන්ද බෝඹුවල මහතා පවසනවා. ඩොලරයේ ස්ථාවරත්වය සහ ව්‍යාපාරවල පවතින හිතකර විශ්වසනීය පසුබිම මෙම තත්ත්වයට ප්‍රධාන හේතුව බවයි ඔහු පැවසුවේ.

පසුගිය සිංහල අලුත් අවුරුද්ද මෙන්ම එළඹෙන නත්තල් උත්සවයද මෙරට ව්‍යාපාරවලට සුවිශේෂී කාලයක් වනු ඇති බවයි දයානන්ද බෝඹුවල මහතා සඳහන් කළේ. මෙරට ප්‍රකට ව්‍යවසායකයෙකු වන වාසනා බේකර්ස් අධිපති, දයානන්ද බෝඹුවල මහතා මෙම අදහස් පළ කළේ නෙත් නිවුස් සිව්වන මානය වැඩසටහනට එක්වෙමින්.