ගිනිගත්හේන නෝර්ටන්බි්‍රජ් මාර්ගයේ ගමනාගමන කටයුතු අද සිට යථා තත්ත්වයට පත් කළ බව නෝර්වුඩ් මාර්ග සංවර්ධන කාර්යාලය පවසනවා.

එම මාර්ගයේ ලොනැක් අට්ලිස් ප්‍රදේශයේ කැළණි ගඟට ජලය ගලා බසින ඇළ මාර්ගයක් හරහා ඉදි කර තිබූ මාර්ගය ගිලා බැසීමේ අවදානමක් පැවතීම හේතුවෙන් ඉකුත් 14 දින සිට මාර්ගය තාවකාලිකව වසා දැමීමටයි කටයුතු කෙරුණේ.

මේ වන විට එම ස්ථානයේ බේල් පාලමක් සවි කර ඇති අතර අද සිට එම මාර්ගයේ රථ වාහන ගමනාගමන කටයුතු සිදු කළ හැකි බවයි නෝර්වුඩ් මාර්ග සංවර්ධන කාර්යාලය පවසන්නේ.

එම පාලම ඉදි කිරීම සඳහා ප්‍රතිපාදන වෙන් කර ඇත්තේ මහා මාර්ග අමාත්‍යංශය මගින්.