අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ වසා දැමුණු වනජීවි ජාතික උද්‍යාන කිහිපයක් සහ සංචාරක නිවාස කිහිපයක් අද සිට විවෘත කිරීමට පරිසර අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.
ඒ අනුව විල්පත්තු ජාතික උද්‍යානයේ හුණුවිලගම පිවිසුම, යාල ජාතික උද්‍යානයේ පලටුපාන පිවිසුම, මින්නේරිය ජාතික උද්‍යානය සහ කවුඩුල්ල ජාතික උද්‍යානය එලෙස විවෘත කිරීමට නියමිතයි.
එම උද්‍යානවල ඇතැම් මාර්ග මේ වන විටත් ජලයෙන් යටවී ඇති බැවින් මාර්ග පද්ධතියෙන් වාහන ගමනාගමනය සඳහා සුදුසු කොටස් පමණක් සංචාරකයින් සඳහා විවෘත කරන බවයි පරිසර අමාත්‍යාංශය පැවසුවේ.
සංචාරක නිවාස කිහිපයක්ද අද සිට විවෘත කිරීමට පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව කුමන ජාතික උද්‍යානයේ තුම්මුල්ල හා කිරිගල්බේ සංචාරක නිවාස, හෝටර් තැන්න ජාතික උද්‍යානයේ ගිනිහිරිය හා මහ එළිය සංචාරක නිවාස, විල්පත්තුව ජාතික උද්‍යානයේ මරදන්මඩුව වන නිවහන, මින්නේරිය ජාතික උද්‍යානයේ රඹවිල සංචාරක නිවාසය සහ යාල ජාතික උද්‍යානයේ එක කොටසේ හීන් වැව, ඔන්ඩච්චි පරණ බුතව, නව බුතව හා මහා සීලව යන සංචාරක නිවාස එලෙස විවෘත වනු ඇති.




