පොලිස් ස්ථානාධිපතිවරුන් 32 දෙනෙකු සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් හා පත් කිරීම් ලබා දී තිබෙනවා.
පොලිස් මූලස්ථානය පැවසුවේ පොලිස්පති නීතිඥ, ප්‍රියන්ත වීරසූරිය මහතාගේ ඉල්ලීමකට අනුව ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි එම ස්ථාන මාරුවීම් සහ පත්කිරීම් ලබා දී ඇති බවයි.
ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 26 දෙනෙකුට සහ පොලිස් පරීක්ෂකවරුන් 06 දෙනෙකුට එලෙස ස්ථාන මාරුවීම් හා පත්කිරීම් ලබා දී තිබෙනවා.
මෙම ස්ථාන මාරුවීම් හේතුවෙන් ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් නව දෙනකුට සහ පොලිස් පරීක්ෂකවරයෙකුට ස්ථානාධිපති තනතුරුව අහිමි වී ඇති බවයි වාර්තා වුණේ.
ප්‍රධාන පොලිස් පරීක්ෂක තනතුර දරමින් ස්ථානාධිපති තනතුරු හෙබවූ කළුතර දකුණ, බිංගිරිය, කයිට්ස්, ආරච්චිකට්ටුව, කොස්ගම, මොරගොඩ, ඩෙල්ෆ්ට්, යාපනය සහ වාකරේ යන පොලිස් ස්ථානවල ස්ථානාධිපති තනතුර දැරූ නිලධාරීන් නව දෙනෙකු සාමාන්‍ය රාජකාරි සඳහා යොදවා ඇති බවයි වාර්තා වුණේ. කැස්බෑව පොලිස් ස්ථානයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එස් කේ ගමගේ මහතාද සාමාන්‍ය රාජකාරී සඳහා පුත්තලම කොට්ඨාශය වෙත මාරුකර යවා ඇති බව වැඩිදුරටත් වාර්තා වුණා.





