Published
ව්‍යාජ නමකින් පෙනී සිටිමින් ව්‍යාජ ඔප්පු සකසා රුපියල් මිලියන 150 ක දේපලක් විකුණා මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් 42 හැවිරිදි කාන්තාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන අංශය වෙත ලද පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනවලදීයි.
ඒ අනුව නාවල ප්‍රදේශයේ පදිංචි සැකකාරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන අංශ - 03 වෙත කැඳවා ප්‍රකාශ ලබා ගැනීමෙන් අනතුරුව එලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකාරිය ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.




