Published
කොට්ටාව, රුක්මලේ පාර ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකා ජයවර්ධනපුර කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදුකළ වැටලීමකදී හෙරොයින් ග්‍රෑම් 75යි මිලි ග්‍රෑම් 400ක්, විවිධ වර්ගයේ ජීව පතරොම් 458ක්, ටී-56 පතරොම් ගැබක්, ව්‍යාජව සකස් කළ වාහන අංක තහඩු 30ක්, ආදායම් බලපත්‍ර 15ක්, රක්ෂණ සහතිකපත් 15ක් හා ජංගම දුරකථන 02ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු 24 හැවිරිදි අගුලාන, මොරටුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි පොලිසිය පැවසුවේ.
අත්අඩංගුවට ගත් සැකකරු බස්නාහිර පළාත් දකුණු දිසා අපරාධ කොට්ඨාසය වෙත ඉදිරිපත් කර ඇති බවද පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවා.
සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත් දකුණු දිසා අපරාධ කොට්ඨාසය මඟින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.




