මඩකලපුව, වාලච්චේන, සීලිකොඩිමඩු ප්‍රදේශයේදී ධීවර කටයුතු සඳහා පිටත්ව ගිය පුද්ගලයෙකු වනඅලි ප්‍රහාරයකට ලක්ව මියගොස් තිබෙනවා.

එලෙස මියගොස් ඇත්තේ පෙරියවෙඩම් ප්‍රදේශයේ පදිංචිව සිටි 63 හැවිරිදි පුද්ගලයෙකු බවයි පොලිසිය පැවසුවේ.

මියගිය පුද්ගලයා සිය නිවසේ සිට ධීවර කටයුතු සඳහා ගොස් ඇති අතර ඔහු ආපසු නොපැමිණි බවට පොලිසියට සිදුකළ පැමිණිල්ලක් අනුව විමර්ශන ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව අදාල පුද්ගලයාගේ මළසිරුර පොලිය විසින් සොයාගෙන ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවුසවේ.

සිද්ධිය සම්බන්ධයෙන් වාලච්චේන පොලිසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.