Published
රුපියල් ලක්ෂ දොළහකට අධික යුත් වාලම්පුරියක් අලෙවි කිරීමට තැත් කළ පුද්ගලයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, මොණරාගල පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් මොණරාගල, මරගලවත්ත ප්රදේශයේ සිදු කළ වැටලීමකදීයි.
එහිදී අදාල වලාම්පුරිය අලෙවි කිරීමට සූදානමින් සිටි පුද්ගලයෙකු එම වාලම්පුරිය ද සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු මොණරාගල ප්රදේශයේම පදිංචි 32 හැවිරිදි පුද්ගලයෙකු බවයි පොලිසිය පැවසුවේ.
අත්අඩංගුවට ගත් සැකකරු මොණරාගල මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් මොණරාගල මූලස්ථාන පොලිසිය මගින් විමර්ශන සිදු කරනු ලබනවා.




