වැටි බදු ගණනය කිරීම, ප්‍රේෂණය කිරීම ආදී යාන්ත්‍රණය කාර්යක්‍ෂම කිරීම සඳහා නව තාක්‍ෂණික ක්‍රම හඳුන්වා දීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පවසනවා.
මූල්‍ය ක්‍රමෝපාය ප්‍රකාශය සම්බන්ධයෙන් අදස පාර්ලිමේන්තුවේ පැවති කල් තැබීමේ විවාදයේ පිළිතුරු කතාව කරමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
මෙම විවාදය ආරම්භ කරමින් අදහස් දැක්වූයේ ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කෞෂල්‍යා ආරියරත්න මහත්මියයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා විවාදයට එක්වෙමින් මෙලෙස අදහස් පළ කළා.
ආණ්ඩු පක්ෂය වෙනුවෙන් විවාදයට එක්වූ අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා.
විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා විවාදයට එක්වුණා.
විවාදයේ පිළිතුරු කතාව කළ අමාත්‍ය මහාචාර්ය, අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා මෙලෙස අදහස් පළ කළා.
මේ අතර සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතාද මෙම විවාදයට එක්වූණා.
කොළඹ වරායේ තිබූ බහාලුම් 323ක් පරික්‍ෂාවකින් තොරව නිදහස් කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ජනාධිපතිවරයා විසින් පත්කළ කමිටුවේ වාර්තාව ප්‍රසිද්ධ නොකිරීම සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා එහිදී ප්‍රශ්න කළා.
ආණ්ඩු පක්ෂය වෙනුවෙන් අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා ඊට මෙලෙස ප්‍රතිචාර දැක්වුවා.