මන්ත්‍රීවරුන්ගේ විනය සම්බන්දයෙන් පාර්ලිමේන්තුවේදී අදත් උණුසුම් වාද විවාද ඇති වුණා. ඒ, වාචික පිළිතුරු අපේක්‍ෂාවෙන් අසන ප්‍රශ්නවලට අතුරු ප්‍රශ්න ඇසීමේදී ගන්නා කාලය පිළිබඳව ඇතිවූ සංවාද හේතුවෙන්.

පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා සහ අමාත්‍ය අනිල් ජයන්ත මහතා අතර මෙවන් සංවාදයක් ඇති වුණා.

ඊට කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාද මැදිහත් වුණා.

පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා සහ අමාත්‍ය අනිල් ජයන්ත මහතා අතරද පාර්ලිමේන්තුවේදී අද සංවාදාත්මක තත්ත්වයක් ඇති වුණා.