වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතා අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබෙනවා.
ඒ, මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින්.
ජාතික ජන බලවේගයේ ප්‍රදේශීය සභා මන්ත්‍රී නීතිඥ තාරක නානායක්කාර මහතාට මරණ තර්ජනය කල බව කියන නඩුවකට පෙනී නොසිටීම හේතුවෙන් වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට එලෙස වරෙන්තු නිකුත් කර තිබෙනවා.
ඊට අදාළ නඩුව මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් චතුර දිසානායක මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී එම නියෝගය ලබා දුන් බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.
පසුගිය පළාත් පාලන මැතිවරණ සමයෙහි වැලිගම ප්‍රාදේශීය සභාවට ජාතික ජන බලවේගයෙන් තරග වැදුණු නීතිඥ තාරක නානායක්කාර මහතාට තර්ජනය කිරීමේ චෝදනා මත වින්දිතයන් සුරැකීමේ පනත යටතේ ඔහුට එලෙස නඩු පවරා තිබෙනවා.
අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදී විත්තිකාර වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතා ඊට පෙනී නොසිටි අතර, ඔහු වෙනුවෙන් නීතිඥවරයෙකු අධිකරණයේ පෙනී සිටිමින් ඔහු අසනීප තත්ත්වයෙන් පසුවන බව දැන්වූ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.
ඔහුගේ ඇපකරුවන් ද අධිකරණය හමුවේ පෙනී සිට නැහැ.
ඒ අනුව වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතාට වරෙන්තුව නිකුත් කර තිබෙනවා.
මේ අතර වත්තේගම නගර සභාවේ හිටපු සභාපති රවීන්ද්‍ර බණ්ඩාර සහ ඔහුගේ සමීපතමයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
නීතිවිරෝධීව ආනයනය කර ව්‍යාජ ලෙස ලියාපදිංචි කළ බව කියන සුඛෝපභෝගී ජීප් රථ දෙකක් ළඟ තබා ගැනීමේ චෝදනාව මත ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ මධ්‍යම විමර්ශන අපරාධ කොට්ඨාසය මගින්.
සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා මැණික්හින්න පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.



