වෙඩි ප්‍රහාරයකට ලක්ව බරපතළ තුවාල ලබා සිටි වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති, ලසන්ත වික්‍රමසේකර හෙවත් “මිදිගම ලසා” අද පෙරවරුවේ ජීවිතක්ෂයට පත් වුණා.
ඔහු වෙඩි ප්‍රහාරයට ලක් වුණේ ප්‍රාදේශීය සභාවේ සභාපති පුටුව මතදීයි.
යතුරුපැදියකින් පැමිණි නාඳුනන වෙඩික්කරුවන් දෙදෙනෙකු වෙඩිතැබීම සිදුකර තිබූ බවයි පොලිසිය පැවසුවේ.
පසුව ප්‍රාදේශීය සභා නිලධාරීන් එක්ව සභාපතිවරයාව මාතර මහ රෝහලට ඇතුළත් කිරීමට පියවර ගත්තා.
සභාපතිවරයා හමුවට ලිපියක් අත්සන් කර ගැනීමට පැමිණි දෙදෙනෙකු ලෙස මෙම වෙඩික්කරුවන් ප්‍රාදේශීය සභාව තුළට පැමිණ ඇති බවටයි මේ වන විට තොරතුරු වාර්තා වන්නේ.
වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති, ලසන්ත වික්‍රමසේකර හෙවත් “මිදිගම ලසා” ප්‍රධාන පෙලේ සංවිධානාත්මක අපරාධකරුවෙකු ලෙස සැලකෙන “හරක් කටා”ගේ සමීපතමයෙකු බවට ද පැවසෙනවා.
ඔහු තවත් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් වන “මිදිගම රුවන්” සහ “මිදිගම චූටි” සමග කලක් සමීප සබඳතා පවත්වා ඇති බවටයි වාර්තා පළ වන්නේ.
ලසන්ත වික්‍රමසේකර හෙවත් “මිදිගම ලසා” නැමැත්තා සහ ඇතැම් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් සමග පසුව විවිධ අමනාපකම් පැවති බවටද පොලිස් අභ්‍යන්ත ආරංචි මාර්ග පවසනවා.




