මේ දිනවල පවතින දේශපාලන සහ ආර්ථික ගැටලු සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවල විවිධ අදහස් පළ වනවා.

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පසුගියදා වැලිගම ප්‍රාදේශීය සභාවේ බලය පිහිටුවීමට යාමේදී මතුවූ ගැටලු සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා.

පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමේදී වර්තමාන රජයට සහයෝගය ලබා දුන්නා යැයි පැතිරෙන පුවත් අසත්‍ය බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්න ජයසුමන මහතා පවසනවා.

වත්මන් රජයට පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමේදී සර්ව ජන බලය පක්ෂය කිසිදු ආකාරයකින් සහය ලබා දීමට මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවයි ඔහු පැවසුවේ.

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවතින දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් දැක්වූයේ මෙවන් අදහසක්.

අධ්‍යාපන ක්ෂේත්‍රයේ විප්ලවවාදී පරිවර්තනයක් කිරීමට වර්තමාන රජය ඉදිරියේදී කටයුතු කරන බවයි කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ ඩී ලාල්කාන්ත මහතා පැවසුවේ.