Published
කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තරඟය දැන් පැවැත්වෙනවා.
ඒ, කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදීයි.
අද තරඟයට ද වර්ෂාවෙන් බාධා එල්ල වුණා.
ඒ අනුව තරඟය පන්දුවාර 34කට සීමා කිරීමටයි තීරණය කෙරුණේ.
තරඟයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව ප්‍රථමයෙන් පන්දු යැවීමට තීරණය කළා.
මෙම තරඟයේ ජය පරාජය තරඟාවලියේ ඉදිරියට බලපෑමක් නොකරන අතර මේ වන විටත් කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ අවසන් පූර්ව වටයට කණ්ඩායම් 04ක් සුදුසුකම් ලබා අවසන්.




