වික්ටෝරියා රන්දෙනිගල රන්ටැඹේ අභයභූමි ආශ්රිත අධි ආරක්ෂිත කලාපයේ වන සතුන් දඩයම් කළ පුද්ගලයින් සිව් දෙනකුගෙන් දෙදෙනකු අද 20 අළුයම අත්අඩංගුවට ගෙන තිබෙනවා
ගෝන මස් කිලෝ අනූවක් සහ ත්රී රෝද රථයක් ද සමඟ එලෙස අත්අඩංගුවට ගත් බවයි දාගැවිල්ල බීට්ටු වනජීවී කාර්යාලය සඳහන් කර සිටියේ.
අත්අඩංගුට ගත් දෙදෙනා අතර නිවාඩු ලබා පැමිණි නාවික හමුදා සෙබලකුද සිටින බවත් පලා ගිය සෙසු සැකකරුවන් දෙදෙනා හඳුනාගෙන ඇති බවත් වනජීවී කාර්යාලය සඳහන් කර සිටියා
තවද ඔවුන් එම ප්රදේශවලම පදිංචි කරුවන් බවත් දාගැවිල්ල වනජීවී බීට්ටු කාරයාලයේ වන සත්ව නියාමක ඩී. එම්. වයි. අයි. බණ්ඩාර මහතා සඳහන් කර සිටියේ.
කාලයක් තිස්සේ මෙම සිව් දෙනා එක්ව මෙම අභයභූමි අධි ආරක්ෂිත කලාපයට රහසිගතව ඇතුළත් වී වන සතුන් දඩයම් කර ඇති බවටත් දඩ මස් ජාවාරම් කළ බවටත් කළ විමර්ශන වලින් අනාවරණය වූ බව දාගැවිල්ල බීට්ටු කාර්යාලය පැවසුවේ.



