ලංකා විදුලිබල මණ්ඩලයේ ඉහළ නිලධාරීන් වෙනමම ඉල්ලීම් කිහිපයක් සිදු කර ඇති බවට විදුලිබල අමාත්‍යවරයා පසුගියදා සිදු කළ ප්‍රකාශයට විදුලි වෘත්තීය සමිති ප්‍රතිචාර දක්වනු ලැබුවා. වෘත්තීය සමිති ප්‍රකාශ කළේ එවැනි ඉල්ලීම් සිදු කර තිබේ නම් එය ප්‍රසිද්ධියට පත් කරන ලෙස විදුලිබල අමාත්‍යවරයාට අභියෝග කරන බවයි. මේ, ඉකුත් දා පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ විදුලිබල අමාත්‍ය කුමාර ජයකොඩි මහතා.

කෙසේවෙතත් ලංකා විදුලිබල මණ්ඩලයේ කාර්මික ශිල්පීන්ගේ සංගමයේ සභාපති කෝසල අබේසිංහ මහතා සඳහන් කළේ එවැනි කිසිදු ඉල්ලීමක් සිදු කර නොමැති අතර වෘත්තීය සමිති අතර තිබෙන සහයෝගය නැති කිරීමේ අරමුණින් මෙවැනි ප්‍රකාශයක් සිදු කර ඇති බවයි.