Published
විදුලිබල මණ්ඩල ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙළට අදාළව බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා අද විශේෂ ප්‍රකාශයක් සිදුකළා. එහිදී ඔහු අවධාරණය කළේ මෙම වැඩපිළිවෙල යටතේ කිසිදු ආකාරයකින් විදුලිබල මණ්ඩලය පෞද්ගලීකරණය වීමක් සිදු නොවන බවයි.
සේවකයින්ට වන්දි ලබාදී ඉවත් කිරීම සම්බන්ධයෙන් පලවන වාර්තාවන්ට ද අමාත්‍යවරයා මෙහිදී ප්‍රතිචාර දැක්වූවා. කෙසේවෙතත් දේශපාලන රැස්වීමකට එක්වෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේ විදුලිබල මණ්ඩල සේවකයින්ගේ රැකියා ආරක්ෂා කිරීමට සියලු දෙනා එක්විය යුතු බවයි. මේ අතර සිය වාත්තීය ක්‍රියාමාර්ගයේ තුන්වන අදියර වන අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය ලබන 22 වනදා සිට ආරම්භ කරන බව ලංකා විදුලිබල මණ්ඩල වෘත්තීය සමිති දැනටමත් ප්‍රකාශ කර අවසන්.