විදුලි ගාස්තු වැඩි කිරීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කර ඇති යෝජනාවලිය සම්බන්ධයෙන් පළාත් මට්ටමින් මහජන අදහස් විමසීම අදින් ආරම්භ වනවා.

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ – ආයතනික සන්නිවේදන ජයනාත් හේරත් මහතා පැවසුවේ රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී මහජන අදහස් විමසීමේ පළමු සැසිය ආරම්භ වන බවයි.

ඒ සඳහා විවිධ පාර්ශව නියෝජනය කරමින් 50 දෙනෙකුට වැඩි පිරිසක් ලියාපදිංචි වී සිටින බවද මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ – ආයතනික සන්නිවේදන ජයනාත් හේරත් මහතා වැඩිදුරටත් සඳහන් කළා.