ලංකා විදුලිබල මණ්ඩලය ඉදිරිපත් කර ඇති විදුලි ගාස්තු සංශෝධන යෝජනාවලිය පිළිබඳ මහජන අදහස් විමසීමේ අවසන් සැසිය අද පැවැත්වෙනවා.

ඒ, කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදීයි.

විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන 50කට අධික පිරිසක් අද දිනයේ වාචික අදහස් ඉදිරිපත් කිරීමට ලියාපදිංචි වී සිටින බවයි ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ, ආයතනික සන්නිවේදන ජයනාත් හේරත් මහතා පැවසුවේ.

ඉදිරිපත් වූ මහජන අදහස් ද සැලකිල්ලට ගනිමින් විදුලි ගාස්තු යෝජනාවලිය පිළිබඳ මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අවසන් තීරණය ඉදිරි සති දෙක හෝ තුන ඇතුළත් ගැනීමට නියමිත බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

විදුලි ගාස්තු සංශෝධනය කිරීම පිළිබඳ අවසන් තීරණය ගැනීම සිදු කරන ආකාරය සම්බන්ධයෙන් ද ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ, ආයතනික සන්නිවේදන ජයනාත් හේරත් මහතා මෙහිදී කරුණු දැක්වූවා.