Published
විදුලි බිල වැඩි කිරිම නතර වූයේ සමගි ජන බලවේගයේ බලපෑම නිසා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
විපක්ෂ නායකවරයා සඳහන් කළේ ආණ්ඩුව සහ විදුලි බල මණ්ඩලය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපදෙස් සහ කොන්දේසිවලට අනුව සියයට 6. 8කින් විදුලි බිල වැඩි කිරීමේ සූදානමකින් පසු වූ බවයි.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ මහනුවර දිස්ත්‍රික් පළාත් පාලන මන්ත්‍රී සංසදය සමඟ මහනුවර දී පැවැති හමුවකදීයි.
මාස 3කට විදුලි බිල වැඩි වීම අත්හිටුවීම පමණක් නොව ඉදිරි දින සති කිහිපය තුළ විදුලි බිල සියයට 33කින් අඩුවිය යුතු බවයි විපක්ෂ නායකවරයා මෙහිදී පැවසුවේ.
මේ රටේ ජනතාව දැඩි පීඩනයකින් දැන් ජීවත් වන බවත් රටෙන් සියයට 50කටත් වඩා අද දුප්පත් වී ඇති බවත් විපක්ෂ නායකවරයා මෙහිදී වැඩිදුරටත් පැවසුවා.




