Published
විදෙස් ගත ශ්‍රී ලාංකිකයින්ට ඡන්ද අයිතිය ලබා දීමට ඉදිරියේදී කටයුතු කරන බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා.
අමාත්‍යවරයා පැවසුවේ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයද මැදිහත් වීමෙන් ඒ සඳහා මේ වන විට කටයුතු සම්පාදනය වෙමින් පවතින බවයි.
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට වසර 40ක් සපිරීම නිමිත්තෙන් අද (27) පැවැති වැඩසටහනට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පවසා තිබෙනවා.





