විදෙස් ජාතික කාන්තාවකට ලිංගික අතවර කිරීමට තැත් කිරීම සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මහජන සහාය අපේක්ෂා කර තිබෙනවා.

පසුගිය 25 වැනි දින ආරුගම්බේ ප්‍රදේශයේදී විදේශ ජාතික කාන්තාවකට ලිංගික අතවර කිරීමේ සිද්ධියකට අදාළව එම සැකකරු සොයා විමර්ශන ආරම්භ කර ඇති බවයි පොලීසිය පැවසුවේ.

ඒ අනුව මේ සම්බන්ධයෙන් යම් තොරතුරක් වේ නම් පොතුවිල් පොලිස් ස්ථානයේ 063 224 80 22 යන දුරකතන අංකයට හෝ පොතුවිල් පොලිස් ස්ථානාධිපති 071 859 11 68 යන දුරකතන අංකයට අමතා තොරතුරු ලබා දෙන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.