විදේශ රැකියාවක නිරතවන ශ්‍රි ලාංකික ශ්‍රමිකයෙකුට රැකියාව අතරතුරදී සිදුවන මරණයක් සඳහා ගෙවනු ලබන රක්ෂණ වන්දි මුදල ඉහළ නංවා ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පවසනවා.
ඒ අනුව විදේශ රැකියාවකදී සිදුවන මරණයක් සඳහා රක්ෂණ වන්දි වශයෙන් රුපියල් ලක්ෂ 20ක මුදලක් ලබාදීමටයි එම කාර්යාංශය පියවර ගෙන ඇත්තේ.
ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට ලබාදෙන සුභසාධන පහසුකම් ද පුළුල් කිරීමට මේ වන විට අවශ්‍ය පියවර ගෙන ඇති බවයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පැවසුවේ.
එමෙන්ම විදේශගත ශ්‍රමිකයින්ගේ මෙරට සිටින සැමියාට හෝ බිරිඳට ව්‍යාපාරයක් ආරම්භ කිරීම සඳහා ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කරන අතර විදෙස්ගත ශ්‍රමිකයින්ගේ දරුවන්ට ලබාදෙන ශිෂ්‍යත්ව මුදල ද ඉහළ නැංවීමට පියවර ගෙන ඇති බව එම කාර්යංශය සඳහන් කළා.
ජනාධිපති අරමුදල හරහා විදෙස් ශ්‍රමිකයින්ගේ දරුවන්ට ශිෂ්‍යත්ව ලබාදීම සම්බන්ධව ද සාකච්ඡා කරමින් පවතින බවයි ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය වැඩිදුරටත් සඳහන් කළේ.




