විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත්, කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අද අලු‍යම අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් විසින්. මොහු ඩුබායි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා. ඔහු විසින් රැගෙන ආ ගමන් මලු‍ 02ක් තුළ තිබී දුම්වැටි 30,000ක් අඩංගු දුම්වැටි කාටුන් 150ක් සොයා ගත් බවයිගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පැවසුවේ. එලෙස සොයා ගත් දුම්වැටිවල වටිනාකම රුපියල් ලක්ෂ හතලිස් පහක් පමණ වන බවටයි අනාවරණ වී ඇත්තේ. අත්අඩංගුවට ගත් සැකකරු පුත්තලම, කල්පිටිය ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි ධීවර කාර්මිකයෙක්. ඔහු එළඹෙන 08 වනදා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.