රුපියල් හැට තුන් ලක්ෂයක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන පැමිණි ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අද අලුයම ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

මොහු අවිස්සාවේල්ල , ඇපලපිටිය ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි ව්‍යාපාරිකයෙකි.

ඔහු අද අලුයම 12.40 ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 652 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

ඔහු විසින් රැගෙන ආ ගමන් මල්ලක් සහ පෙට්ටි 03 ක් තුළ විදේශීය නිෂ්පාදිත දුම්වැටි 42,000 ක් අඩංගු දුම්වැටි කාටූන් 210 ක් සගවා ගෙන සිටියදී මෙසේ අත් අඩංගුවට ගෙන තිබේ .

මේ වනවිට මොහු පොලිස් ඇප මත මුදා හැර ඇති අතර , අධිකරණ පද්ධතියට මෙම දින වල නිවාඩු ලබා දී ඇති හෙයින් , එළඹෙන ජනවාරි මස 07 දින මොහු මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය .