Published
බණ්ඩාරවෙල මහ නගර සභාවේ බලය පිහිටුවීමට ජාතික ජන බලවේගය සමත්ව තිබෙනවා.
එහි විශේෂත්වය වන්නේ ඉකුත්දා පැවති මැතිවරණයේදී ජාතික ජන බලවේගයට මන්ත්රී ධූර 06ක් පමණක් හිමිව තිබීමයි.
විපක්ෂ කණ්ඩායම්වලට මන්ත්රී ධූර 10ක් හිමිව තිබුණා.
එහිදී ස්වාධීන කණ්ඩායම් අංක එක සඳහා මන්ත්රී ධූර 05ක් ද සමගි ජන බලවේගය සඳහා මන්ත්රී ධුර 03ක් ද ශ්රී ලංකා පොදුජන පෙරමුණට සහ ස්වාධීන කණ්ඩායම 02කට එක් මන්ත්රී ධූරය බැගින් ද හිමිව තිබුණා.
කෙසේවෙතත් අද පැවැති ඡන්ද විමසීමෙන් වැඩි ඡන්ද 04ක් ලබා ගනිමින් නගරාධිපතිවරයා ලෙස තේරි පත් වුණේ ජාතික ජන බලවේගයේ නාගරික මන්ත්රී සාගර ධීර විශ්වවික්රම මහතායි.