Published
රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඇප ලබාගැනීම සඳහා කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡා කිහිපයක් අද දිනයේද පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඊයේ දිනයේද ඇප ලබාගැනීම සම්බන්ධයෙන් ජ්‍යේෂ්ඨ නීතිඥවරුන් රැසක් සමග සාකච්ඡා සිදු කළ බවයි එක්සත් ජාතික පක්‍ෂයේ උප නායක, හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා නෙත් නිවුස් කළ විමසීකදී පැවසුවේ.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටින බවට පක්ෂ පාට භේදයකින් තොරව විශාල පිරිසක් ප්‍රකාශ කර ඇති බවද එක්සත් ජාතික පක්ෂ උප නායකයා වැඩිදුරටත් පැවසුවා.